•   සිතුවිලි අද්දර
    •   කවි
      • The Silent Whisper
    •   නිසදැස්
    •   සටහන්
      • සුදුසු කාලය
      • සුන්දරම භාෂාව
      • පොත් කෙතරම් සුන්දරද..
      • ආකර්ෂණීයම නිමේෂය
      • ලෝකයට ඔබේ ආලෝකය අවශ්‍යය.
      • දම් පාට හැන්දෑව
    •   කතා
      • අපූරු පාඩමක්
 Home

පොත් කෙතරම් සුන්දරද..

by චන්දි හෙට්ටිආරච්චි
Poem Image
මෙි දිනවල පොත්පත් ගැන කතා කරන නිසා පොඩි සටහනක් ලියන්න හිතුනා. කලාව කියන්නේ හරිම සුන්දර දෙයක් අපූරු ලෝකයක් නිර්මාණය වෙන්නේ කලාව තුළින්..හැමෝටම ලියන්න බෑ ඒකට දක්ෂතාවයක් තියෙන්න ඕන. හැබැයි මගේ ලොකු දුර්වල කමක් මං පොත් කියවලා තියෙන්නෙ ඉතාම අඩුවෙන්. ඒ අතරින් ජයසේන ජයකොඩි ශූරීන්ගේ සියලු පොත් මා කියවා තිබෙනවා. ඒ තරම් හිතට කා වැදුණු පොත් මට ජීවිතයේ හමුවෙලා නෑ. එක්තරා අවස්ථාවක මගේ ජීවිතේ බිමටම සමතලා වෙලා පොඩි පට්ටම් වෙලා තිබුනා. එහෙව් කාලයක ජීවිතය නැවත අහුලා පණ ගන්වන්න පුළුවන් වුනේ එතුමාගේ පොත් නිසා.. කෙනෙකුගේ හදවතට කතා කරන්න පුළුවන් තරමට කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් තරමට.. අකුරු හැඟීමකට එක් කරන්න පුලුවන්නම් ඔහු විශිෂ්ටයෙක්. ඒ නිසා මා එතුමා විශිෂ්ටයෙක් කියා කියනවා. අවාසනාවට එතුමා අප අතර නෑ. ආදරණීය යාලුවනේ තරුණ දුවා පුතුනි..යාන්ත්‍රික ලෝකයෙන් මිදී පොත් තුළට එන්න හැබැයි ඔබේ මුදල එවැනි වටිනාකමක් තියෙන පොත් සඳහා පමණක් වියදම් කරන්න. කුණු ගොඩවල් ඔලුවේ දාගන්න එපා.. මනු ගුණධර්ම තැවරුණු සුවඳ හමන පොත් තිබෙනවා වැඩි ප්‍රසිද්ධියක් නෑ. බොහොම නිහඬයි..සොයා යන්න යන්ත්‍ර ලෝකෙන් මිදී..ඒ පොත් අසපු කරා. ඔබේ ජීවිතයේ බොහෝ කඩතොලු මකා දමන්නට එවැනි පොතකට පුළුවන්