•   සිතුවිලි අද්දර
    •   කවි
      • The Silent Whisper
    •   නිසදැස්
    •   සටහන්
      • සුදුසු කාලය
      • සුන්දරම භාෂාව
      • පොත් කෙතරම් සුන්දරද..
      • ආකර්ෂණීයම නිමේෂය
      • ලෝකයට ඔබේ ආලෝකය අවශ්‍යය.
      • දම් පාට හැන්දෑව
    •   කතා
      • අපූරු පාඩමක්
 Home

සුදුසු කාලය

by චන්දි හෙට්ටිආරච්චි
Poem Image
අපි බලාපොරොත්තු වෙන දේවල් සුදුසු කාලයටම ලැබුනනම් කියලා අපි හිතනවා. සුදුසු කාලයම කියලා අපි හිතන්නේ තරුණ කාලය හැම අතින්ම ආකර්ශනීය කාලපරිච්ඡේදයක් හැබැයි දේවල් තියෙනවා මැදි වියේ මහලු වියේ ලැබෙන දේවල්.. ජනප්‍රිය වීම, ආදරයට පාත්‍ර වීම. ගෞරවයට පාත්‍රවීම. එතකොට හැමෝම කියනවා අයියෝ මේ මනුස්සයාට මේක ලැබෙන්න තිබුනේ තරුණ වයසෙදි කොහොමද එයාව මඟ හැරුනේ කියලා දැන් මේකට අපි කාටද දොස් කියන්නේ. ඇත්තටම එහෙම දොස් කියන්න කෙනෙකු නෑ..... මොකද ඒක ධර්මතාවයක්. එතකොට තියෙන්නේ ඒක තමයි සුදුසුම වෙලාව කියල සතුටින් බාරගෙන ඒ මොහොතත විදින්න. තරුණ කාලයේ ලැබුණත් කරන්නේ ඒ දේම තමා. හැබැයි අපි හිතනවා එදාට මීට වඩා වින්දනයක් ලබන්න තිබුණා කියලා. ඔව් ඒකෙ ඇත්තකුත් නැතුවා නෙමෙයි. හැබැයි ඔය සේරම අපි හිතෙන් දමා ගන්න රාමු . අපිට හිතුනොත් ජීවිතයේ සුන්දරම කාලය පරිණත බුද්ධිමත් මැදිවිය කියලා. එතකොට සිත ඒ විදියට වැඩ කරනවා. සංසන්දනයකට යන්නේ මොකටද නේද ලැබුන දේ ලැබුණ මොහොතේ විඳිමු සතුටින්...... මේ ජීවිත චාරිකාව මොන තරම් කෙටිද අනපේක්ෂිතද මිත්‍රයා...දුක් වෙන්න ගන්න වෙලාව අපරාදෙ..