Home
අපූරු පාඩමක්
by චන්දි හෙට්ටිආරච්චි
හිල්වුන ටින් එකක් අපූරු පාඩමක්
...............................................................
එක්තරා සෙන් ගුරුවරයෙක් ළඟට ආපු තරුණයෙක් මෙන්න මෙහෙම කියනවා.
"අනේ ......ගුරුතුමනි,
කොච්චර පොත් කියෙව්වත්, කොයි තරම් දේශනා ඇහුවත්, වැඩක් නෑ ඒවා මතක හිටින්නේ නෑනෙ
එහෙමනම් ඉතින් පොත් කියවලා, දේශන අහලා තේරුමක් තියෙනවද..??"
සෙන් ගුරුතුමා හිනාවෙලා ඔහුව එක්කගෙන ගියා දියකඩිත්තක් ගාවට.
එතන තිබුණු ගොඩක් සිදුරු තියෙන ටින් එකක් දීලා වතුර ටිකක් අරගෙන එන්න කිව්වා.ඒක අඩිය පුරා
හොඳටම මඩ තැවරුණු හිල් බදුනක්.
ගෝලයා වතුර ගේනකොටම හිල් වලින් වතුර යනවා.
එහෙත් බොහෝ සැරයක් ඔහු ඒක කළා.
ගුරුතුමා කිව්ව නිසා.
"දැන් ඇති, "
සෙන් ගුරුතුමා හිනාවෙලා කිව්වා.
"පුතා දැන් බලන්න ඔය ටින් එක දිහා"
"අනේ.... ගුරුතුමනි , නිවතුර බිංදුවක්වත් ඉතුරු වුණේ නෑ නේ......."
"වතුර ගැන නෙමෙයි මම කියන්නේ....
ටින් එකෙන් වතුර ගේන්න යනකොට ටින් එක ඇතුළත අඩිය කොටස හොඳටම මඩ සහිතව නේද තිබුනේ"
"එහෙමයි ගුරුතුමනි"
,"දැන් ඒ අඩිය වතුර වලින් සේදිලා සේදිලා
හොඳටම පිරිසිදු වෙලා.... දිළිසෙනවා..
පුතේ, .........
පොත් කියවනකොටත්, දේශන අහනකොටත් වෙන්නේ මේ ටිකම තමයි,
පොත් වල තියෙන දේවල් මතක නැති උනාට, ඔබගේ අභ්‍යන්තරය ආධ්‍යාත්මය, හොඳින්ම
පිරිසිදු වෙනවා. ඒක ඔබ නොදැනුවත්වම සිදුවන දෙයක්."
කියලාා ගුරුතුමා මේ තරුණ පුතාට උත්තර දුන්නා..
ඔබටත් මටත් හොඳ පණිවිඩයක් මේ කතාවෙන් දෙනවා ..කල්පනා කරලා බලන්න..
චන්දි .❤