Home
දම් පාට හැන්දෑව
by චන්දි හෙට්ටිආරච්චි
දම් පාට හැන්දෑව ඔන්න ඔබෙත් මගෙත්.
මේ හැන්දෑව
මේ දවස, මේ පැය, මේ විනාඩිය
කවරදාකවත් ආයෙ මුණ ගැහෙන්නේනෑ.
කිසිම දේකට අඬන්න වෙලාව නාස්ති කර ගන්න එපා. අපරාදෙ.
සිතිවිලි වර්ග කරන කොටයි වේදනාව.
මොකද ඒ සිතිවිලි වල තියෙනව
අතීත මතක, අනාගත බලාපොරොත්තු
අපිව අතහැර ගිය තැන්, ප්‍රතික්ෂේපයන්
ඒ නිසා කිසිවක් වර්ග කරන්න එපා.
ඒ හැම දෙයක්ම සිතිවිලි පමණයි.
හැමදේම ඇවිත් යනවා.
මේ නිමේෂය ව්තරමයි .